
මහ ඡන්දයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම අදින් අවසන්
- CNL Reporter
- November 8, 2024
- දේශපාලන
- තැපැල් ඡන්ද, මහ ඡන්දය
- 0 Comments
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වෙයි.
පසුගිය ඔක්තෝබර් 30 වනදා නොවැම්බර් 01 වනදා , 4 වනදා සහ 7 යන දිනයන්හි දී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට අද දිනයේ ද අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතියි.
ජාතික හැදුනුම්පත , වලංගු රියදුරු බලපත්‍රය , විදේශ ගමන් බලපත්‍රය භාවිත කළ අනන්‍යතාවය තහවුරු කිරීම මඟින් තැපැල් ඡන්දය මෙතෙක් භාවිතා නොකළ අයට අද දිනයේ ඡන්දය භාවිතා කළ හැකිය.
මැතිවරණ කොමිසම නිකුත් කළ තාවකාලික හැදුනුම්පත සහ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ තහවුරු කිරිමේ ලිපිය ද ඒ සඳහා ඉදිරිපත් කළ හැකියි.