මහ මැතිවරණයේ නිහඬ කාලය ඇරඹෙයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

ඒ අනුව අනිද්දා (14) දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේය.

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය හෙට (13) සිට සිදු කිරීමට නියමිතය.

රාජ්‍ය සේවකයන් ලක්ෂ 2කට ආසන්න සංඛ්‍යාවක් මෙවර මැතිවරණයේ රාජකාරි සඳහා යොදවා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් සංඛ්‍යාව, 8361කි.

DN

Leave A Comment