
මේ වසරේ මාස 9ට විදෙස් ප්‍රේෂණ ආදායම සියයට 11.5කින් ඉහළට
- CNL Reporter
- November 1, 2024
- බැංකු සහ මූල්‍ය
- විදෙස් ප්‍රේෂණ ආදායම
- 0 Comments
මේ වර්ෂයේ (2024) මුල් මාස 9 දී ශ්‍රී ලංකාවට විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබුණු මුළු විනිමය ප්‍රේෂණ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4843.8ක් දක්වා සියයට 11.5කින් වර්ධනය වී ඇත.
ගිය වර්ෂයේ (2023) මුල් මාස 9 දී මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 4345.1ක් විය.
මේ අතර ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 555.6ක විදේශ විනිමය ප්‍රේෂණ ආදායමක් ලැබී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත