
මේ වසරේදී දකුණු කොරියාවට 2522 ක් පිටව යයි
- Sujeewa Senerath
- August 20, 2025
- ව්යාපාරික පුවත්, සංචාරක සහ චාරිකා
- 0 Comments
2025 වර්ෂයේ ගතවූ මාස 8ට ආසන්න කාලය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්රි ලාංකික තරුණ තරුණියන් 2522 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 60 දෙනෙකු අද දින (2025.08.19) ශ්රි ලංකන් ගුවන් සේවයට අයත් UL 470 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගිය අතර, මෙම කණ්ඩායමට තරුණියන් 7 දෙනෙකුද අයත් වේ.
මෙම කණ්ඩායම දකුණු කොරියාවේ රැකියා හිමිවූ 923 වන කණ්ඩායමයි.
මෑත කාලීනව තරුණියන්ද දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවීමේ වැඩි ප්රවණතාවයක් ඇති වී තිබෙන අතර, ඒ අනුව 2025 වර්ෂය තුළදී තරුණියන් 85 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව E-9 වීසා කාණ්ඩය යටතේ මෙම රැකියා අවස්ථා හිමිවන අතර, දකුණු කොරියාවේ නිශ්පාදන, ඉදිකිරීම්, ධීවර හා කෘෂිකාර්මික යන ක්ෂේත්රවල රැකියා මෙමගින් හිමිවේ. වඩාත් විනිවිදභාවයකින් යුතුව රැකියා අපේක්ෂිතයින් Online ක්රමයට තෝරාගන්නා අතර, විභාගය පරිගණක ආශ්රිතව පමණක් පැවැත්වේ. ඒ සඳහා කිසිඳු පාර්ශවයකට බලපෑම් කළ නොහැකි බව කාර්යාංශය සඳහන් කරයි.
රැකියා ලාභීන්ට වසර 4 මාස 10 කාලයක් දකුණු කොරියාවේ රැදී සිටීමට අවස්ථාව හිමිවන අතර, නියමිත කාලය අවසන්ව මෙරටට පැමිණෙන ශ්රමිකයින්ට යළි දකුණු කොරියාවට ඇතුළුවීමට අවසර හිමිවේ.