රනිල්ගේ රැස්වීමට මම නෑ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, විරුද්ධ පක්ෂ කිහිපයක් සමඟ පැවති රැස්වීමකට තමා දුරකතන ඇමතුමක් ඔස්සේ සහභාගී වූ බවට එක්සත් ජාතික පක්ෂය කළ ප්‍රකාශය අසත්‍ය බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය තම නම සඳහන් කරමින් කළ ප්‍රකාශය නිවැරැදි කරන ලෙස ඉල්ලා සිටින බවත්, මෑතකදී පැවති රැස්වීමකදී ඔවුන් දුරකතනයෙන් තමා සම්බන්ධ කර ගත් බවට කරන ප්‍රකාශය අසත්‍ය බවත් හෙතෙම කීවේය. එම ප්‍රකාශය අසත්‍ය හෙයින් මෙය වහාම නිවැරැදි කරන ලෙස එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධනගෙන් ඉල්ලා ඇති බවත්, ඒ සඳහා පියවර ගැනීමට ඔහු එකඟ වූ බවත් දිලිත් ජයවීර මහතා කියා සිටියේය.

 

Leave A Comment