
රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15921 ක් පිරවීමට අනුමැතිය
- CNL Reporter
- March 18, 2025
- දේශපාලන
- රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15921 ක් පිරවීමට අනුමැතිය
- 0 Comments
රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය බඳවා ගැනීම් 15921 කට අනුමැතිය ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) ප්‍රකාශ කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් දැක්වීය.
මෙම පුරප්පාඩු අතර උපාධිධාරීන් බොහෝ දෙනෙක්ට ද අවස්ථා පවතින අතර අධ්‍යාපන ක්ෂ්ත්රයේ ද පුරප්පාඩු අනුව බඳවා ගැනීම් කටයුතු නීසි ක්‍රමවේදයකට අනුව සිදු කරන බව අමාත්‍යවරයා පැවැසීය.