
රාධක්රිෂ්ණාගේ සහාය මාලිමාවට
- CNL Reporter
- May 17, 2025
- දේශපාලන
- මාලිමාව
- 0 Comments
ජාතික ජන බලවේගයට වතුකරයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා කඳුරට ජනතා පෙරමුණ සහාය දැක්වීම සම්බන්ධයෙන්
සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.
කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් හා ධීවර ඇමති රාමලිංගම් චන්ද්‍රසේකරන් අතර එම සාකච්ඡා සිදුවී තිබේ.
කඳුරට ජනතා පෙරමුණට වෙනම තරග කර තේරී පත්වූ පළාත් පාලන ආයතන සභිකයින් මෙන්ම සමගි ජන බලවේගය යටතේ තරග කර තේරී පත් වූ සභිකයින්ද සිටින අතර එම සාකච්ඡා සාර්ථක වුවහොත් ඔවුන්ගේ සහාය ජාතික ජන බලවේගයට ලැබෙනු ඇත.
මෙම තත්වය මත වතුකරයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමාන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් දරන උත්සාහය අඩමාන වී ඇතැයි තවදුරටත් වාර්තාවේ.
කඳුරට ජනතා පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සමීප සම්බන්ධයක් කාලයක සිට පවතින බව වාර්තා වන අතර ජනාධිපතිවරණයට පෙර කොටගල පැවති කඳුරට ජනතා පෙරමුණේ පක්ෂ සමුළුවකට ආරාධිතයෙකු වශයෙන් නලින්ද ජයතිස්ස පැමිණ තිබේ. එමෙන්ම ආණ්ඩුව වතුකරය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සිදුකරන කටයුතුවලට රාධක්‍රිෂ්ණන් සම්බන්ධ වීමද සිදුවේ.
(අනිද්දා පුවත්පත | ඉඳුවර බණ්ඩාර)