
රෝහල් ඉදිරිපිට සඳුදා හෙද උද්ඝෝෂණ
- CNL Reporter
- March 15, 2025
- පුවත්
- රෝහල් ඉදිරිපිට සඳුදා හෙද උද්ඝෝෂණ
- 0 Comments
අපේක්ෂා කළ ඉල්ලීම් කිසිවක් ලබා නොදී ඉල්ලීම් කප්පාදු කොට ඇති නිසා ඉල්ලීම් ලැබෙනතෙක් ලබන 17 වැනිදා උදේ 10.00 සිට දහවල් 1.00 දක්වා සියලුම රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකිරීමට සංගමය තීරණය කර ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්රිය මහතා ඊයේ (14දා) ‘දිවයින’ට පැවසීය.
සිය ඉල්ලීම් සඳහා රජය විසින් විසඳුමක් ලබා නුදුන්නොත් අඛණ්ඩ වැඩවර්ජනයක් සඳහා ප්රවිෂ්ට වීමට සංගමය තීරණය කර ඇති බවද ඒ මහතා කීය.
ධර්මසේන වැලිපිටිය