වර්ෂාවෙන් හානියට පත්වූ මාර්ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් අද සිට

පසුගිය දිනවල දිවයිනට බල පැවැත්වුනු අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් හානියට පත් මාර්ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

අයහපත් කාලගුණයෙන් ඇති වු බලපෑම් හේතුවෙන් දිවයිනේ මාර්ග සහ පාලම් රැසකට හානි සිදුවී ඇති බවට තොරතුරු වාර්තාවන බවයි එම අධිකාරිය පැවසුවේ.

ඒ අනුව අදාළ මාර්ග පිළිබඳව තොරතුරු රැස්කර, ඒවා කඩිනමින් යළි පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එම්.පී. සූරියබණ්ඩාර සඳහන් කර සිටියා.

වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත්වී, ගමනාගමනය නවතා තිබුණු මනම්පිටිය – අරලගංවිල මාර්ගය ද ඉතාමත් කෙටි කාලයක් තුළ යළි ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වු බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave A Comment