
වසර තිහකට පසු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය ජනතාවට විවෘත කෙරේ
- CNL Reporter
- November 2, 2024
- පුවත්
- අච්චුවේලි, පලාලි
- 0 Comments
දශක තුනකට පසු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි (01 දා) කටයුතු කර තිබේ.
වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත නොවිණි.
මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කළ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22 වෙනිදා පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදු කළේය.
ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාළ කටයුතු සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශවලට දැනුම් දුන් අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරීමට පියවර ගැනිණි.
DVN