
වසරේ ගතවූ කාලය තුළ රියැදුරු බලපත්‍ර 3000ක් අත්හිටුවයි.
- CNL Reporter
- November 8, 2024
- පුවත්
- වසරේ ගතවූ කාලය තුළ රියැදුරු බලපත්‍ර 3000ක් අත්හිටුවයි.
- 0 Comments
වසරේ ගත වූ කාලය තුළ අධිකරණ මගින් රියැදුරු බලපත්‍ර 3,000කට අධික සංඛ්‍යාවක් තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළේ, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්ව රියැදුරු බලපත්‍ර 3,249ක් අත්හිටුවා ඇති බවයි.
රියදුරන් විසින් සිදු කරනු ලැබු විවිධ වැරදි සඳහා පැවති නඩු විභාගවලදී අධිකරණ මෙම නියෝග නිකුත් කර ඇති බවද නිශාන්ත වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.