ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළ රනිල් අපට ඉගැන්වීමට කතා කිරීම විහිළුවක් – අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය
- 5opn1
- November 1, 2024
- දේශපාලන
- අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය, රනිල්
- 0 Comments
ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැන් තමන්ට ව්‍යවස්ථාව පිළිබඳව ඉගැන්වීමට කතා කිරීම හාස්‍යයට කරුණක් බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
මහ මැතිවරණයට අදාළව කැස්බෑව ප්‍රදේශයේ පෙරේදා (30 වැනිදා) ජාතික ජන බලවේගයේ ජනහමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.
මේ දවස්වල ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු නායකවරු අපිට උපදෙස් දෙන්න පටන් අරගෙන තියෙනවා. ජනතාව දෙන පාඩමක්වත් ඉගෙන ගන්න බැරි රනිල් වික්‍රමසිංහගෙන් මම හිතන්නෙ නැහැ ව්‍යවස්ථාව ගැන ඔහුගෙන් ඉගෙන ගතයුතුයි කියලා. මොකද කියන්නේ යන්න ද මම ටියුෂන් පන්තියකට රනිල් ගාවට. මොකද කියන්නේ. ඇත්තටම පව්. ඒක තමා අද දවසේ හොඳම විහිළුව. ඇත්ත වශයෙන්ම මම රනිල් වික්‍රමසිංහට ස්තුතිවන්ත වෙනවා. අපිට මෙහෙම විහිළු සපයන එක ගැන. ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරපු රනිල් වික්‍රමසිංහ මැතිවරණවලට තිබුණු තැන අමු අමුවේ උල්ලංඝනය කරපු රනිල් වික්‍රමසිංහ ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය නැති කරලා උල්ලංඝනය කරපු රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථා සභාව ඔහුට ඕන විදිහට තීන්දු තීරණය දුන්න ද කියලා සාමාජිකයන්ට බලපෑම් කරමින් ව්‍යවස්ථා සභාවේ නියෝගවලට ගරු නොකර ඉතාමත්ම උඩඟු විදිහට ඔහුට අවශ්‍ය විදිහට ව්‍යවස්ථාව අර්ථකථනය කරමින් පාලනය කරන්න උත්සාහ කරපු රනිල් වික්‍රමසිංහට නිසි පිළිතුරක් මේ රටේ ජනතාව විසින් එකවතාවක් නෙමෙයි මං හිතන්නේ ඕන තරම් වතාවක් දීලා තියෙනවා.
මොකද ජනතාව අපිව පත්කළේ රනිල්ගෙන් ඉගෙනගෙන මේ රට පාලනය කරන්න නොවෙයි. රනිල්ව ප්‍රතික්ෂේප කරලා තමයි මේ රටේ ජනතාව අපිව බලයට පත් කළේ. රනිල් පව් ඔයාට. මං හිතන්නේ විශ්‍රාම සුවයෙන් පොතක් පතක් කියවලා පැත්තකට වෙලා ඉන්න.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්