විගමණික ශ්‍රමිකයින්ගේ නිශ්පාදන රැසක් සමගින් විගමණික ශ්‍රමික පොල බත්තරමුල්ලේදී

නත්තල හා අලුත් අවුරුදු උදාවට සමගාමීව හා ජාත්‍යන්තර සංක්‍රමණික දිනය නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කර ඇති විගමණික ශ්‍රමිකයින්ගේ නිශ්පාදන අඩංගු වෙළඳකුටි රැසක් සමගින් “විගමණික ශ්‍රමික පොල” අද හා හෙට (2024.12.23 හා 24) යන දෙදින පුරා බත්තරමුල්ල, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ රථ ගාලේදී පැවැත්වේ. කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිශ්පාදන අලෙවිපොලේ කටයුතු ආරම්භ විය.

විදේශ රැකියාව අවසන්වී මෙරටට පැමිණ සාර්ථකව ව්‍යාපාර කටයුතුවල නියැලෙන ශ්‍රමිකයින්ගේ නිශ්පාදන මෙහිදී සහන මිලට මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇති අතර, කාර්යාංශයේ ප්‍රත්‍යානුකලන අංශය විසින් මෙය සංවිධානය කරයි.

අද හා හෙට (2024.12.23 හා 24) යන දෙදින උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා මෙම නිශ්පාදන අලෙවි පොල පැවැත්වෙන අතර, සහන මිලට භාණ්ඩ මිලදී ගැනීමට මෙම අලෙවි පොලට පැමිණෙන මෙන් කාර්යාංශය මහජනතාවට ආරාධනා කර සිටියි.

Tags:

Leave A Comment