වියදම් වාර්තා නොදෙන අපේක්ෂකයන්ට-පක්ෂවලට එරෙහිව නෛතික පියවර
- 5opn1
- November 18, 2024
- දේශපාලන
- වියදම් වාර්තා නොදෙන අපේක්ෂකයන්ට-පක්ෂවලට එරෙහිව නෛතික පියවර
- 0 Comments
-මැතිවරණ කොමිෂන් සභාව
මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මැතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා මැතිවරණ කොමිසටම භාර නොදෙන සියලු අපේක්ෂකයන්ට, දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට එරෙහිව නෛතික පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා විවිධ දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයෝ 8888ක් ඉදිරිපත් වූහ. ආදායම් වාර්තා කලට වේලාවට ඉදිරිපත් නොකරන අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බව පවසන මැතිවරණ කොමිසම අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්රකාශ ද කොමිෂන් සභාවට භාරදිය යුතු බව අවධාරණය කරයි.
මැතිවරණ ක්රමය තුළ විනිවිදභාවයක් ඇති කිරීම සහ අනෙකුත් අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවීම වැළැක්වීම සඳහා එම වියදම් වාර්තා නීතිය ක්රියාත්මක වන බව ද කොමිසම කියා සිටියේය.
සුභාෂිණී සේනානායක