ශ්‍රී ලංකාවට රන් , රිදී , ලෝකඩ පදක්කම්

සවුදියේ දමාම් නුවර පවතී 6 වැනි යොවුන් ආසියාතික මළල ක්‍රීඩා තරගාවලියේදී
ඊයේ (18 ) පස්වරුවේ පැවති පිරිමි මීටර් 800 තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ ශවිඳු අවිශ්ක දිනාගත්තේය.
හෙතෙම තත්පර 1.53.41කින් සිය ඉසව්ව අවසන් කර අචින්ත මෙම පදක්කමට ළඟාවිය. එමෙන්ම තුන්පිම්ම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට
දිල්කි නෙහාරා සමත් වූයේ තෙවැනි ස්ථානයට පත්වෙමිනි . ඊයේ පස්වරුවෙදීම පැවති පිරිමි උස පැනීමේ තරගයෙන් නේත්‍ය සම්පත් ද ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය .ශ්‍රී ලංකා මෙඩ්ලි සහාය දිවීමේ කණ්ඩායම රිදී පදක්කම හිමි කරගත්තේ දෙවන ස්ථානයට පත්වෙමිනි .ඔවුන් නව ජාතික වාර්තාවක්ද පිහිටවූ බව වාර්තා වේ . ඊයේ පස්වරුවේදීම , මීටර් 800 කාන්තා ඉසව්ව නියෝජනය කළ තරුෂි අභිෂේකා ප්‍රේමසිරි රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූවා ය.

Leave A Comment