සජබ හෝ ඕනෑම පක්ෂයක් සමග සාකච්ඡා කරන්න අපි සූදානම් – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

ගන්නා පියවර ඉදිරියේ කියන්නම් – එජාප සභාපති වජිර
විපක්ෂය සියයට 73.8ක ඡන්ද ගත්තා – එජාප මහ ලේකම් තලතා
විපක්ෂය සමග සාකච්ඡාවලට අපි ලෑස්තියි – සාගල රත්නායක
විපක්ෂයේ එකමුතුවට ජනතා කැමැත්ත පෙන්වලා – එජාප උප නායක අකිල

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සජබ හෝ වෙනත් ඕනෑම පක්ෂයක් සමග සාකච්ඡා කරන්න අපි ඉදිරිපත් වන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ පැවසීය.

කොළඹ මල් පාරේ පිහිටි එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීය.

ප්‍රථමයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඡන්දය භාවිතා කළ සියලුදෙනාටම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙවර පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයට ජනතාව පණිවිඩයක් දී තිබෙනවා.

ඒ අනුව ගත්තොත් ආණ්ඩුව ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් විපක්ෂයේ කණ්ඩායම් ලබාගෙන තිබෙනවා. මේකෙන් අපිට පැහැදිලි වෙන්නේ ආණ්ඩුව කියපු පච දැන් ජනතාවට අවබෝධව වී ඇති බව යැයි ද ඔහු කීය.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා,

“රජයට ශ්‍රී ලාංකික සමස්ත ජනතාව බරපතළ පණිවුඩයක් ලබාදී තිබෙනවා. උතුරෙත් නැඟෙනහිරත් ගත්තොත් කිසිම දිස්ත්‍රික්කයක 50% ලබාගැනීමට නොහැකිව සමහර ආයතන 100% ක්ම පරාජයටත් පත්වෙලා තියෙනවා. මං හිතන්නෙ මේකට ප්‍රධාන හේතුව තමයි බොරුව. එහෙම නැතිනම් පච සමාජගත කිරීමේ අවසන් ප්‍රතිඵලය තමයි මේ වාර්තා වී තිබෙන්නෙ. එහෙමනම් ඒකාබද්ධ විරුද්ධ පක්ෂය එකමුතුව ක්‍රියාකරලා තියෙනවා. ඔවුනට සභාවන් බහුතරයක බලය ලබා ගැනීමට පුළුවන් වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සියලු දේශපාලන පක්ෂ සමග කතා කරමින් සිටිනවා. ඉදිරි දින කිහිපය තුළ ඒ පිළිබඳව දැනුම් දෙනවා.”

එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා,

“විපක්ෂය විදිහට යම් බලයක් ගොඩනැඟුවහොත් ඒ වටා තමන් ඒකරාශි වන බව පෙන්වලා. ඒ අපේක්ෂාව ඉටු කරමු.”

මහ ලේකම් තලතා අතුකෝරල මහත්මිය,

“තුනෙන් දෙකක බලයක් ලබාගත් ආණ්ඩුව අද වනවිට සියයට 26.2ක් දක්වා අඩු කරගෙන තිබෙනකොට ඊට විරුද්ධව විපක්ෂය සියයට 73.8ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ආණ්ඩුවේ බොරුව තවදුරටත් ඉදිරියට

ගෙනියන්න දෙන්නෑ කියන එකට හොඳ උදාහරණයක් රටේ මහජනතාව විසින් ලබාදී තිබෙනවා.”

සාගල රත්නායක – – ජාතික සංවිධායක,

“පසුගිය දින කිහිපයේම ජනාධිපතිතුමා රට වටේම යමින් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය දියත් කළා. නමුත් ජනතාව තවදුරටත් මොවුන්ගේ පචවලට රැවටෙන්නේ නෑ කියලා ආණ්ඩුවට හොඳ පණිවුඩයක් දීලා තිබෙනවා.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂය මේ වනවිට සියලු විපක්ෂයේ පක්ෂ සමග සාකච්ඡා කරන්න සූදානම්” යැයි කීය.

ඡායාරූපය – ධර්මසේන වැලිපිටිය

චමින්ද සිල්වා

Tags:

Leave A Comment