සරම්ප නැවත ව්‍යාප්ත­වීමේ අව­දා­න­මක්

දිස්ත්‍රික්ක 12ක් මුල්ක­ර­ගෙන සරම්ප – රුබෙල්ලා එන්න­ත්ක­රණ වැඩ­ස­ට­හන අද ඇරැඹේ

මෙර­ටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්ත­වීමේ අව­දා­න­මක් පව­තින නිසා දිස්ත්‍රික්ක 12ක් මුල් කර ගනි­මින් සරම්ප – රුබෙල්ලා එන්න­ත්ක­රණ වැඩ­ස­ට­හන අද (08) සිට සති 4 ක් පුරා­වට ක්‍රියා­වට නැංවී­මට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය සැල­සුම් කර තිබේ.

පසු­ගිය 04 වැනිදා සිට 09 වැනිදා දක්වා කාලය තුළ සරම්ප එන්න­ත්ක­රණ විශේෂ වැඩ­ස­ට­හන සම්බ­න්ධ­යෙන් ප්‍රජාව දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හන් මාලා­වක් ක්‍රියා­ත්මක කෙරිණි. විශේ­ෂ­යෙන්ම වයස අවු­රුදු 20ත් 30ත් අතර කණ්ඩා­යම ඉලක්ක කර ගනි­මින් මෙම වැඩ­ස­ට­හන ක්‍රියා­වට නංවන අතර එන්නත් ලබා­නො­ගෙන ඇති සෙසු සියලු දෙනා ද එන්න­ත්ක­ර­ණ­යට ලක් කිරීම මෙහි දී සිදු­ක­රයි.

ප්‍රදේ­ශයේ සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී කාර්යා­ල­යෙන් එන්න­ත්ක­රණ දින­යන් සම්බ­න්ධ­යෙන් දැනු­ම්වත්ව එන්නත් ලබා ගන්නා ලෙසට සියලු ප්‍රජා­වට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි. සරම්ප ආසා­දිත එක් රෝගි­ය­කු­ගෙන් තවත් පුද්ග­ල­යන් 10ත් 18ත් අතර පිරි­ස­කට වයි­ර­සය වාතය මඟින් බෝ වීමේ හැකි­යාව පව­තියි.

සරම්ප රෝගය මෙර­ටින් තුරන් කළ රෝග­යක් වුවත් 2023 වසරේ සිට නැවත රෝගීන් හමු­වීම සිදු වූ බවත් එය පාල­නය සඳහා කළ යුත්තේ එන්න­ත්ක­ර­ණය බවත් වසං­ගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය අතුල ලිය­න­ප­ති­රණ මහතා පැව­සු­වේය.

කලින් සරම්ප එන්නත ලබා නොගත් හෝ එකක් පම­ණක් ලබා ගත් අය සිටින්නේ නම් ඒ අය එන්න­ත්ක­ර­ණ­යට යොමු කිරීම මේ වැඩ­පි­ළි­වෙළ යටතේ සිදු­ක­රන බවත් සරම්ප රෝගය වසං­ගත මට්ට­මෙන් ආසි­යානු රට­වල පැති­රෙ­මින් පව­තින බවත් ඒ මහතා කීය. ආසි­යානු කලා­පයේ අව­දා­නම ලංකා­ව­ටත් තිබෙන නිසා මෙම එන්න­ත්ක­රණ වැඩ­ස­ට­හන ක්‍රියා­වට නංවන බව ද ඒ මහතා පැව­සු­වේය.

DMN

 

Leave A Comment