හැත්තෑ ගණන්වල අතහැර දැමූ සිලින්ඩරාකාර වී ගබඩාවලට යළි පණක්
- 5opn1
- December 30, 2024
- දේශපාලන
- හැත්තෑ ගණන්වල අතහැර දැමූ සිලින්ඩරාකාර වී ගබඩාවලට යළි පණක්
- 0 Comments
වී මෙට්‍රික් ටොන් 40000 කට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා කළ හැකි සිලින්ඩරාකාර ගබඩා 22 කින් සමන්විත ගල්ගමුවේ විශාලතම රජයේ වී මෝල් ගබඩා සංකීර්ණයේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පසුගියදා (28) නිරීක්ෂණ චාරිකාවක නිරත විය
වී සඳහා නියමිත වියළි මට්ටම රඳවා තබා ගත හැකි පරිදි යන්ත්‍ර වලින් සමන්විත මෙම වී මෝල් ගබඩා සංකීර්ණය වර්ෂ 1977 සිට අතහැර දමා ඇත.
මෙම සංකීර්ණය නැවත භාවිතයට ගත හැකි පරිදි නඩත්තු කටයුතු සිදු කර, රටේ නැවත සහල් හිඟයක් ඇති නොවීම සඳහා භාවිතා කිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු සැළසුම් කිරීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් එහිදී ලබා දුන්නේය.
මෙම නිරීක්ෂණය සඳහා ක්ෂේත්රයේ පළපුරුදු ඉංජිනේරුවරුන් පිරිසකගේද සහභාගීත්වයක් සිදු විය.
ඉදිරි දින කිහිපය ඇතුලත මෙම වී ගබඩා සංකීර්ණය නැවත ගොඩ නැංවීම සඳහා අවශ්‍ය වන ඇස්තමේන්තු කටයුතු සිදු කිරීමට කටයුතු කරන අතර, නොබෝ දිනකින්ම මෙම ගල්ගමුවේ විශාලතම රජයේ වී ගබඩා සංකීර්ණය රටේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් පණ ගැන්වීමට අදාල කටයුතු සිදු කරන බව ඇමැති වසන්ත සමරසිංහ මහතා කියා සිටියේය.