හොරු අල්ලන්න නිශ්චිත නීති ක්‍රමවේදයක්
- 5opn1
- January 20, 2025
- දේශපාලන
- හොරු අල්ලන්න නිශ්චිත නීති ක්‍රමවේදයක්
- 0 Comments
‘නයා කෑවයි’ හැංගුණු ෆයිලුත් එළියට ඒවි
ජනපති අනුර කළුතර කටුකුරුන්දේදී කියයි
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන යෝජනාව කඩිනමින්
මැති ඇමැති සැප වාහන වෙන්දේසි කර භාණ්ඩාගාරයට සල්ලි ගේනවා
ආණ්ඩුවක් තියෙන්නේ ඥාතීන්ට-හිතවතුන්ට බෙදාගන්න නොවෙයි
හොරු ඇල්ලීම නිශ්චිත ක්‍රමවේදයක් මත සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (19) කළුතර, කටුකුරුදේ පැවති ජනතා හමුවක් අමතමිනි.
මෙවැනි ආණ්ඩුවක් ඉතිහාසයේ හැදෙන්නෙ නැති බව ද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන යෝජනාව ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙන එන බව ද පැවසීය. මැති ඇමැතිවරුන්ට තිබෙන සැප වාහන වෙන්දේසි කර භාණ්ඩාගාරයට මුදල් රැගෙන එන බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා වර්තමාන ඇමැතිවරුන් සුඛෝපභෝගී වාහන, ඇමැති මන්දිර පාවිච්චි නොකරන බව ද කීය.
ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, නුවර ජනාධිපති මන්දිරය හැර අනෙකුත් ඒවා පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත්කරන බව මෙහිදී සඳහන් කළ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙතෙක් සිටි පාලකයන් මහජන මුදල් අයුතු ලෙස භාවිත කරමින් සැප වින්ද බව ද කීය. ජනතාවට මේ දේශපාන වෙනස අවශ්‍ය බව ද පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ක්‍රියා කරන බව ද කීය. වැටෙන්න පුළුවන් පතුලටම වැටුණු රටක් ජාතික ජන බලවේගය භාරගත් බව ද එම රට ගොඩනැඟීමට පියවරෙන් පියවර ජාතික ජන බලවේගය කටයුතු කරන බව ද සඳහන් කළේය.
රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැගීමේදී ඉන්දියාව ඉතා වැදගත් බව ද කී ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ඉන්දියාව සමඟ සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කළ බව ද පැවසීය. ආසන්න වශයෙන් රුපියල් දහ ලක්ෂ විසිදහසක ආධාරයක් චීනයෙන් ලැබුණ බව ද පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙමඟින් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට සහ පොදු සේවාවන් වර්ධනය කිරීමට ඒ මුදල් යොදවන බව ද පැවසීය.
“බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවට වඩා අලුත් ප්‍රදර්ශන සහ සම්මන්ත්රණ ශාලාවක් කොළඹ වරාය නගරයේ ඉදිකිරීමට මූල්‍යමය ආධාරයක් ද චීනය ලබා දෙනවා. එය ඉක්මනින්ම අප පටන් ගන්නවා. එමඟින් ජාත්‍යන්තර සමුළු පැවැත්වීමේ කේන්ද්‍රයක් නිර්මාණය කරන්න පුළුවන්. මේ රට ගොඩනැඟීමට අවශ්‍ය ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කිරීමට අප කටයුතු කරනවා. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා මේ වනවිට මැදපෙරදිග කලාපයෙන් අපට ආරාධනා ලැබී තිබෙනවා. ආණ්ඩු ආණ්ඩු අතර එකඟතාවකින් තෙල් ගන්න පුළුවන්ද කියා සාකච්ඡා කරමින් තිබෙනවා” යැයිද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
dinamina